ඔබ දන්නවාද?
සමනලුන්ට ඇති පුදුම සහගත හැකියාවක් තමයි, රස විඳීම සඳහා ඔවුන්ගේ පාද භාවිතා කිරීම! 😮
මිනිසුන් වන අපට රස දැනෙන්නේ දිවෙන් වුවත්, සමනලුන්ට එයට උදව් වන්නේ පාදයි.🦶 ඔවුන්ගේ පාදවල පහළ කොටසේ ඇති සංවේදක මගින් ඔවුන්ට මල්පැණි බීමට සහ බිත්තර දැමීමට සුදුසු ශාක වෙන්කර හඳුනා ගැනීමට හැකි වෙනවා. 🌸🥚
🌈සමනලයෙක් පැලයක් මතට ගොඩබසින විට, ඔවුන්ගේ පාදවල ඇති මේ සංවේදක මගින් පැළෑටියේ රසායනික සංයෝග විශ්ලේෂණය කර, එය ආහාරයට හෝ බිත්තර දැමීමට සුදුසුදැයි තීරණය කරනවා.🧐
මොවුන්ට මිනිසුන්ට වඩා දහස් ගුණයකින් තියුණු ලෙස සීනිවල රස හඳුනාගත හැකි බව විද්‍යාඥයන් පවසනවා.
සම්පූර්ණ අයිතිය මුල් හිමිකරු සතුයි
ඔයාලගෙ අදහස Comment කරන්න
Follow කරන්න
